නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවයි

    මැයි 03, 2024

    2024 වසරේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළ පමණක් මහ බැංකුව ඩොලර් මිලියන 1200ක ප්‍රමාණයක් රැස් කර ඇති බවයි. මාර්තු මාසය තුළ පමණක් එම ප්‍රමාණය ඩොලර් මිලියන 715ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 2022 වසරේ දී දෛනික ආනයනයන් සඳහාවත් විදේශ සංචිත ශ්‍රී ලංකාව තුළ නොතිබූ බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට මාස තුනක ආනයනයන් සඳහා ප්‍රමාණවත් සංචිත ශ්‍රී ලංකාව තුළ පවතින බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya