මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශය රැක දුන් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුයි

    ජූලි 21, 2014
    දේශය රැක දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ජනතා පෙළගැස්ම තවදුරටත් සක්‍රීය කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නායිකා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    රට තුළ යළි කොටි ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ඇතැම් බටහිර රාජ්‍යයන් රනිල් වික්‍රමසිංහ වැනි බටහිර ගැති නායකයෙකු බලයට පත්කිරීමට උත්සාහ දරන බවත් අමාත්‍යවරිය පෙන්වා දෙයි.
     
    අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක, "රට නගන නිල් රැල්ල - සුරකිමු මව්බිම" වැඩසටහනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් අත්තනගල්ල, ආසන බලමණ්ඩල නියෝජිත සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම කාන්තා නියෝජිත සම්මේලනය සංවිධානය කරනු ලැබ තිබුණේ නියෝජ්‍ය අමාත්‍ය, සරණ ගුණවර්ධන මහතා විසිනි.
     
    "යුද්ධය නිමාකර, රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන මොහොතක, දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත ඇතැම් බටහිර රාජ්‍යයන් ශ්‍රී ලංකාව තුළ යළි ත්‍රස්තවාදය නිර්මාණය කිරීමටත්, රට බෙදා වෙන්කිරීමටත්, කුමන්ත්‍රණ කරනවා. ඊට එරෙහිව එකාමෙන් පෙළගැසිය යුතු කාලය එළඹිලා".
     
    ඉස්සර දිස්ත්‍රික් සංවර්ධනයට වෙන්වෙන්නේ, රු. ලක්ෂ 50කටත් අඩු මුදලක්. නමුත් බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අද මේ අත්තනගල්ල ප්‍රදේශයේ සංවර්ධනයට ලක්ෂ පන්දහසක් ලැබිලා තියෙනවා. එදා මේ ප්‍රදේශවල කොන්ක්‍රීට්, කාපට් පාරවල් තිබුණේ නැහැ. අද මේ දිස්ත්‍රික්කයට ලෝකයේ දියුණුම සංවර්ධයෙන් යුක්ත යටිතල පහසුකම් ලැබිලා තිබෙනවා. අධිවේගී මාර්ග, මාතෘ සායන, මහින්දෝදය පාසල්, විද්‍යාගාර, භාෂාගාර, පරිගණක යායවල් අද මේ ප්‍රදේශයට ලැබිලා තිබෙනවා. 
     
    අපේ රට සිංගප්පූරුවට, මැලේසියාවට එහා සංවර්ධනයක් ලබන දිනය වැඩි ඈතක නොවන බවත් අද අපේ රට මැදි ආදායම් ලබන රටක් බවත් පෙන්වා දෙන අමාත්‍යවරිය අද අපේ දිස්ත්‍රික්කවල පොල් අතු ගෙවල් නොමැති බවත් අද ලංකාව ආර්ථික සංවර්ධන වේගය අතින් දෙවෙනි වෙන්නේ චීනයට විතරම බවත් පැවසුවාය. 
     
    අද ලංකාවේ විරැකියාව 4% මට්ටමට පහළ බැස ඇති බව කී අමාත්‍යවරිය ගම්පහ  දිස්ත්‍රික්කය අද වේගවත් සංවර්ධනයකට ලක්ව ඇති බවත් මේ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමට, කාන්තාව ඉදිරියට ගෙන ඒමට ලක්ෂ 1000ක් වෙන්කොට ඇති බවත් කීය.
     
    මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර සහ පළාත් සභා මන්ත්‍රී සන්ධ්‍යා සිරිවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ සාමාජිකාවෝ රැසක් සහභාගී වී සිටියහ.   
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya