මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර තරුණ තරුණියන්ට කෘෂි ආශ‍්‍රිත ස්වයංරැකියාවලට පහසුකම්

    ජූලි 21, 2014
    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රැකියා විරහිත හා ප‍්‍රදේශයෙන් පිට රජයේ නොවන වෙනත් රැකියා කරන තරුණ තරුණියන්ට කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත ස්වයංරැකියා ඇති කිරීම සඳහා මූල්‍ය හා තාක්‍ෂණික පහසුකම් හා උපකරණ ලබා දීමට පියවර ගන්නා බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර ගොවිජන සේවා දිස්ත‍්‍රික් කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

    මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය. කෘෂි කර්මාන්තය හා කෘෂි කර්මාන්තය ආශ‍්‍රිතව විශාල වශයෙන් ස්වයංරැකියා අවස්ථා උදා කළ හැකියි. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවය කොට මාසිකව ලබන වැටුපට වඩා ඉතා ඉහළ ආදායම් මාර්ග තම නිවසේ සිටම ලබා ගැනීමේ අවස්ථාවක් පවතී. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට හා රාජ්‍ය නොවන වෙනත් රැකියා සඳහා ප‍්‍රදේශයෙන් පිටව ගොස් සිටින තරුණ තරුණියන්ට ස්වයංරැකියා ඇරඹීම සඳහා මූල්‍ය පහසුකම් හා උපකරණ ලබා දී වෘත්තීය පුහුණුව ද ලබා දීමට අදහස් කරන බව කීය.

    සහල්, කුරහන්, බඩඉරිඟු, සෝයා, උඳු, තල, කව්පි ආදි ධාන්‍ය ආශ‍්‍රිත ස්වයංරැකියා ද එළවළු, පලතුරු ආශ‍්‍රිත ස්වයං රැකියා විශාල ප‍්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් මෙම නිෂ්පාදන සඳහා දේශීය හා විදේශීය වෙළෙඳපොළ, රාජ්‍ය අංශය මැදහත් වී ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය. 

    මේ සාකච්ඡාවට විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා ඇතුළු උසස් නිලධාරීහු සහභාගී වී සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya