මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව නව වෙළෙඳ ගිවිසුම්වලට

    ජූලි 21, 2014

    නෙදර්ලන්ත උප විදේශ වෙළෙඳ ඇමති සිමොන් ස්මිට්ස් මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ලන්දේසි ව්‍යාපාරික ආයතනයන්හි නියෝජිතයින් පිරිස ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමා කරන ලදී.

     

    ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අලුත් කාලයේ පරණ මිත්‍රයන් බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය සාක්ෂි දරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා රටේ සංවර්ධනය පිළිබඳ අධ්‍යයනයකින් සතුටට පත් අමාත්‍ය සිමොන් ස්මිට්ස් මහතා ඇතුළු දූත පිරිස අවුරුදු 40කට පසු දෙරට අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවන් ශක්තිමත් කරගැනීමේ අරමුණින් පැමිණි බවත් උප විදේශ වෙළෙඳ ඇමති ස්මිට්ස් මහතා සංචාරය ආරම්භයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

     

    යුද්ධයෙන් පසු ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව ලබා ඇති අති විශාල දියුණුව සියැසින් දැක සතුටට පත් ඒ මහතා පසුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය දෙස බලන කළ ශ්‍රී ලංකාව එක්සත් යුරෝපයේ ආර්ථික කලාපයට ඇතුළු වීමේ සුදුසුකම් සපුරා ඇති බව ද ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය හා විවිධ ක්ෂේත්‍රවල සංවර්ධන අවස්ථා පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ පාන ගැටලු සම්බන්ධවත් ප්‍රයෝජනවත් අදහස් හා විවරණ රැසක් උප විදේශ වෙළෙඳ ඇමති ස්මිට්ස් මහතා විසින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතර පැවති සාකච්ඡාවේදී පිළිබිඹු කරන ලදී.

     

    මෙම සාකච්ඡාව තුළ ජලය, සෞඛ්‍ය, කෘෂිකාර්මික, යටිතල පහසුකම්, පශු සම්පත් සංවර්ධනය හා උද්‍යාන වගා යන වෙළෙඳ ක්ෂේත්‍රයන්ගේ වෙළඳපොළ වර්ධනය, ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම හා ආයෝජන අවස්ථා පිළිබඳව මූලිකව අවධානය යොමු කර තිබිණි.

     

    ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සිදු කෙරුණු සාකච්ඡාවේදී මුලසුන හෙබවූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නෙදර්ලන්ත ශ්‍රී ලංකා සහයෝගීතාව හා ලන්දේසි ව්‍යාපාරිකයන් සමඟ වෙළඳපොළ සබඳතා ගොඩනඟා ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ඖෂධ නිෂ්පාදනය, ඉන්සියුලින් නිෂ්පාදනය, දන්ත තාක්ෂණය දියුණු කිරීම යන අංශයන්ට පහසුකම් සලසා දීම පිළිබඳව මෙහිදී වැඩිදුර සාකච්ඡාවට ලක් කෙරිණි.


    ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ උප විදේශ වෙළෙඳ ඇමති ස්මිට්ස් ඇතුළු දූත පිරිස සිදු කරන ලද සාකච්ඡාවේදී නල ජලය සැපයුම් වර්ධනය, සුරක්ෂිත ජලාපවහනය පිළිබඳව අවධානය යොමු විය. ලවණ නිතෝදනය, යාන්ත්‍රීකරණ උපදේශනය, විද්‍යාගාර පහසුකම් සහ ඉහළ බලශක්ති පිරිවැය අවම කිරීම මෙහිදී වැඩිදුර සාකච්ඡාවට ලක් වූ කරුණු වේ.

     

    වෙළඳමය පරමාර්ථයෙන් පැමිණි මෙම දූත පිරිස කොළඹ වරාය, දික්ඕවිට ධීවර වරාය, ජාතික රෝහල, කැලණි ගඟ - දකුණු ඉවුර ජල පවිත‍්‍රාගාරය හා ගාලු කොටුව නිරීක්ෂණය කළහ.


    ග්‍රාමීය පාලම් 1000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 463ක් ඉදිකිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා Janson Bridging International BV සමාගම විසින් ලන්දේසි සමාගමක් වන Van der Knaap සමඟ ගිවිසුම් අත්සන් කිරීම උප විදේශ වෙළෙඳ ඇමති ස්මිට්ස් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම සංචාරය ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් කරා පියනගන බවට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහතිකයක් බදුය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya