මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ අධ්‍යාපන සමුපකාර සමිති සාමාජිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

    ජූලි 19, 2014
    2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට තෝරාගත්, අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ දරුවන්ට එම සමිතියෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමක් දීප ව්‍යාප්තව සිදු කරනු ඇත. ඒ අනුව දකුණු පළාතෙන් සුදුසුකම් ලද දරුවන් සඳහා එම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 21 දින පෙ.ව. 10.00ට වැලිගම නගර සභා ශාලාවේදී පැවැත්වේ. 

    මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකයන්, මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රමුඛ අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්ව ලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
     
    NDH/TI dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya