මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිවේරිය නව පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

    ජූලි 18, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරනු ලැබූ වැලිවේරිය නව පොදු වෙළෙඳ සංකීර්ණය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ඊයේ (17) ජනතා අයිතියට පත් කරන ලදී. 
     
    දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් ලෙස ගොඩනඟා ඇති මෙම පොදු වෙළෙඳ සංකීර්ණය වැලිවේරිය නගර මධ්‍ය තුළ ඉදිකර ඇත. මූලික වශයෙන් වෙළෙඳ සැල් 32කින් සමන්විත  සංකීර්ණය තුළ තොග හා සිල්ලර වෙළඳාම සිදු කිරීමට නියමිතය. වැලිවේරිය සතිපොළ ඉදිකිරීමේ දෙවන අදියර වශයෙන් මෙම පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිකර ඇත. 
     
    පළමු අදියර යටතේ ඉදිකළ දිවි නැගුම සති පොළ 2012. ජුලි 28 දින බැසිල් රාජපක්ෂ මහතා අතින් මෙම ස්ථානයේ දී ම විවෘත කරනු ලැබීය. මෙය එළවළු වෙළෙඳසැල් 36ක්, රෙදි හා විසිතුරු බඩු වෙළෙඳ සැල් 08ක් හා කරවල වෙළෙඳ සැල් 12කින් සමන්විතය. 
     
    නව වෙළෙඳ සංකීර්ණයේ කාමරයක් වර්ග අඩි 300කින් සමන්විත වේ. මේ සඳහා විදුලිබලය, අප ජලය බැහැර කිරීමේ ස්ථානයක් කැසිකිළි හා වැසිකිළි පහසුකම් හා සූර්ය බල ශක්තිය ද ලබා දී ඇත. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු බාරව ඉංජිනේරු කටයුතු පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය කටයුතු කර ඇත. මෙම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් ලසන්ත අලගියවන්න, අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ. 
     
    DB
     
    WELIWERIYA FAIR
     
     
    WELIWERIYA FAIR 1
     
    WELIWERIYA FAIR 2
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya