මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර රජයේ ඉඩම්වල අනවසර වගාවන් ගැන සොයා බලයි

    ජූලි 18, 2014

    දැනට වගා කටයුතු සඳහා යොදාගෙන ඇති වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන ඇත.

    රක්ෂිත ආශ්‍රිතව අනවසරයෙන් වගා කටයුතුවල නිරතවීමේ තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර, ඇතැම් පුද්ගලයින් විශාල බිම් ප්‍රමාණයක් මේ සඳහා භාවිත කරමින් සිටින බව තහවුරු වී ඇති බවත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ, පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යායේදී පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමිනි.මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ මෙම ගැටලුව ආශ්‍රිතව විශාල වන විනාශයක් සිදුවන බවයි. ඒ හේතුවෙන් පවතින තත්ත්වය අවබෝධ කරගෙන එම ඉඩම් පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් සෑම කෙනෙකුට සමාන ආකාරයෙන් බෙදා දීම අනුරාධපුර දිස්ත්‍රික් පරිපාලනයේ අරමුණ වී ඇත.

    මෙම අවස්ථාවට එක්වු වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක මහතා සඳහන් කළේ, අවිධිමත් ගොවි කටයුතු හේතුවෙන් රක්ෂිත ආශ්‍රිතව දැඩි වන වි‍නාශයක් සිදුවන බවයි. අලි මිනිස් ගැටුම උග්‍ර වීමට ද මේ හේතුව බලපා තිබේ. ඒ නිසා නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් නීත්‍යනුකූලව එබඳු ප්‍රදේශවල ජනතාවට ‍පවරා දීම කඩිනම් කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ECB/SB_dmu_Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya