මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල නව උක් ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූලි 16, 2014
    බදුල්ල දිස්ත්‍රික්කයට නව උක් ව්‍යාපෘති ගණනාවක් හඳුන්වාදීමට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය හා උක් පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇති අතර ඒ පිළිබඳ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16)  පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් තුළ හෙක්ටයාර 3750ක උක් වගා කිරීමට සැලසුම් කර තිබේ. 
     
    එතුළින් සීනි මෙට්රික් ටොන් 20,000 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවන අතර මෙමඟින් රටට ඉතිරිවන විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 02 කි.
     
    මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කය තුළ සීනි නිෂ්පාදන ඇසුරුම් සහ අලෙවි මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ  එක්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක කුඩා පරිමාණයේ සීනි කර්මාන්ත ශාලා 02 බැගින් සීනි කර්මාන්ත ශාලා 3‍0ක් ද, ඒ ආශ්‍රිතව ඍජු රැකියා අවස්ථා 600ක් ද නිර්මාණය කිරීමටත් කටයුතු සැලසුම් කොට තිබේ. එපමණක් නොව උක් කර්මාන්තය ආශ්‍රිතව උක් ගොවීන් 5000කට පමණ ස්වයං රැකියා අවස්ථාවන් හිමිකරදීමටත් හැකියාව ලැබේ.
     
    මීට අමතරව මුස්කොවාඩෝ වැනි විදේශ රටවල වැඩි ඉල්ලුමක් පවතින සීනි නිෂ්පාදනය හා ඒවා අපනයනය මඟින් රටට විදේශ විනිමය උපයාදීමටත් හැකියාව ලැබේ.
     
    උක් වගා කරන ගොවීන් සහ සීනි කර්මාන්ත ආශ්‍රිත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායකවීම හා 2019 වසර වන විට ශ්‍රී ලංකාව සීනිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වේ.
     
    මෙම අවස්ථාවට පස්සර ආසන සංවිධායක හා ජනාධිපති උපදේශක වඩිවේල් සුරේෂ්, පස්සර සහකාර ප්‍රාදේශීය ලේකම් පුවනේන්දරන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, කෘෂි පර්යේෂණ නිලධාරින් සහ උක් පර්යේෂණ නිලධාරිහු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB/BH - dmu badulla
     
    badulla sugar
     
     
    badulla sugar-1
     
    badulla sugar 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya