නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාවට නැංවීමට රුපියල් මිලියන 15.3ක්

    මාර්තු 08, 2018

    ගාල්ල දිස්ත්‍රික්කය තුළ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාවට නැංවීම සඳහා පසුගිය වසර තුළ රු. මි. 15.3 ක ප්‍රතිපාදන ලබා දී තිබේ.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 ම නියෝජනය වන පරිදි ව්‍යාපෘති 139 ක් ක්‍රියාත්මක කර ඇත.

    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍ර‍තිපාදන මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා එක් ග්‍රාම නිලධාරී වසමකට රුපියල් ලක්ෂ 2.5 බැගින් ග්‍රාම නිලධාරී වසම් 03ක් සඳහා (දරිද්‍ර‍තාවය අනුව තෝරා ගත් වසම් 02 සහ නිෂ්පාදන ආර්ථික ගම්මාන වසම) රු. ලක්ෂ 7.5 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ප්‍ර‍තිපාදන වෙන කර ලබා දීම සිදු විය.

    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සහ ඒකාබද්ධව යොදා ගත හැකි කෘෂිකාර්මික ව්‍යාපෘති නංවාලීම සඳහා ප්‍ර‍මුඛතාවය හිමි වූ අතර කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම ආහාර වලින් ස්වයංපෝෂිත විම උදෙසා වැඩසටහන් මෙහෙය වීම සිදු විය.

    මේ යටතේ අක්මීමණ, බද්දේගම හා නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ වැඩ ව්‍යාපෘති 15 බැගින් ක්‍රියාත්මක කර තිබේ. ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ව්‍යාපෘති 13 ක් ක්‍රියාවට නංවා ඇත. අම්බලන්ගොඩ ව්‍යාපෘති 10 ක් සහ තවලම, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ව්‍යාපෘති 8 බැගින් ක්‍රියාවට නංවා ඇත. හබරාදූව සහ යක්කලමුල්ල ව්‍යාපෘති 7 බැගින් සහ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙබඳු ව්‍යාපෘති 6 ක් ද ග්‍රාම ශක්ති ව්‍යාපාරය තුළින් ක්‍රියාත්මක වී ඇත. ව්‍යාපෘති 5 බැගින් ඇල්පිටිය කඩවත්සතර හා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළද අනෙකුත් ව්‍යාපෘති බෙන්තොට, බෝපෙ පෝද්දල, ඉමදූව, හික්කඩුව, නියාගම සහ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ද ක්‍රියාත්මක විය.

     

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
     ගාල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya