අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙල්ෆ් ජැටිය ඉදිකිරීමේ දෙවන අදියර ජනතා අයිතියට

    පෙබරවාරි 26, 2018
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහය මත ඉදි කෙරුනු ඩෙල්ෆ් ජැටියේ දෙවන අදියර ජනතා අයිතියට පත්කිරීම පසුගිය දා සිදු කෙරිණි.
     
    ඒ අනුව දෙවන අදියරේ වැඩ නිමවීමත් සමග ජැටිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මීටර් 2 ක පමණ ගැඹුරකින් යුක්ත වන බැවින්, ට්‍රෝලර් යාත්‍රා, ගිලන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ යාත්‍රාව (Sea Ambulance) මෙන්ම අනෙකුත් මගී ප්‍රවාහන යාත්‍රා පහසුවෙන් නැංගුරම්ලා තැබිය හැක.
     
    මෙම ව්‍යාපෘතිය නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය මත සිදු කරන ලද අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. මෙහි පළමුවන අදියර යටතේ ජැටිය අඩි 101 ක් දිගින් සහ අඩි 31 ක් පළලින් ඉදි කරන ලද අතර එය පසුගිය වසරේ දී ජනතා අයිතියට පත් කරන ලදී.
     
    මෙම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ඩෙල්ෆ් දුපත සහ යාපනය අතර ගමනාගමනය පහසු කරන අතර උතුරු අර්ධද්වීපයෙහි ආර්ථිකය නැංවීම සඳහා ද ආධාරයක් වනු ඇත. මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥ දැනුම හා ශ්‍රමය උපයෝගී කර ගනිමින් උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා සිදුකරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියකි.
     
    එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා සහ යාපනය දිසාපති, එන් වේදනායහන් යන මහත්වරුන් විශේෂ ආරාධිතයින් වශයෙන් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya