අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර මහ රෝහලේ නව සංවර්ධන වැඩසටහන් රැසක් ජනතා අයිතියට

    පෙබරවාරි 23, 2018
    නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදෙමින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමට පියවර ගනිමින් කළුතර මහ රෝහලේ සංවර්ධන වැඩසටහන් රැසක් ජනතා අයිතියට පත් කිරිම සහ සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කළුතර මහ රෝහල් පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.
     
    ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත කළුතර මහ රෝහලේ සීමාවාසික වෛද්‍ය නිල නිවාස ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භය, වෘක්තවේද කාන්දු පෙරීමේ ඒකකය විවෘත කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරිම සිදු කෙරේ.
     
    2016 වසරේ සිට මේ දක්වා කළුතර මහ රෝහලේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති අතර, නාගොඩ ගල්අස්ස ග්‍රාමයේ නව මාතෘ හා ළමා රෝහල ඉදිකිරීම, මහල් 08 කින් යුත් නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය ඉදිකිරිම, මහල් 04 කින් යුත් නව අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරිම, මහල් 04 කින් යුත් රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරිම, මහල් 03 කින් යුත් ශල්‍යාගාරයකින් සමන්විත නව අක්ෂි වාට්ටු ගොඩනැගිල්ල ඉදිකිරීම, විකිරණ අංශය, රසායනාගාර හා ශල්‍යාගාර සදහා මහල් 05 කින් සමන්විත නව ගොඩනැගිල්ල ඉදිකිරිම, බාහිර රෝගී අංශය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම, පොදු පහසුකම් සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම, රියැදුරු, කණිෂ්ඨ සේවකයින් සඳහා විවේක කාමර හා ගිලන් රථ ගරාජ සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම, මහල් 05 කින් යුත් ඉදිකිරන ලද නව සායන ගොඩනැගිල්ල ඉතිරි වැඩ අවසන් කිරිම, නව ජල ටැංකිය හා ජල පොම්පාගාරය ඉදිකිරිම, විදුලි ජනක යන්ත්‍ර සපයා සවිකිරීම පෙන්වා දිය හැක. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya