මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණයට මාතර සූදානම් - මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    පෙබරවාරි 09, 2018

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් බවත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (09) දින පෙ.ව. 8.00 සිට සිදු කරන බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ පෙර සූදානම පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 222 පවතින අතර එයින් මී ඇල්ල හා තැනිපිට බහු මන්ත්‍රී කොට්ඨාස වේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 1854 දෙනෙකු ඉදිරිපත් වී සිටිති.  මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව රජයේ නිලධාරීන් 7000 ට අධික පිරිසක් යොදා ගැනේ. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 644,800 දෙනෙක් සිටිති. පෙබරවාරි 10 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 524 ක දී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya