සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුවේ පාසල් සංවර්ධනයට පියවර

    ජනවාරි 31, 2018

    ආණමඩුව ප‍්‍රදේශයේ පාසල් නවයක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    විශාලත්වයෙන් වැඩිම මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශය තුළ අධ්‍යාපනයට ඇති පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමේ විශේෂ යෝජනාවකට අනුව මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.

    ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා නවගත්තේගම, පල්ලම, සාලියවැව, බණ්ඩාරණායකපුර, මදුරංකුලිය යන මහා විද්‍යාල පළමු අදියර යටතේ ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරෙන පාසල් වේ. තවත් පාසල් 03 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දෙවන අදියර යටතේ සිදු කිරීමට නියමිත අතර එම පාසල් මොනවාද යන්න තේරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. මෙම වැඩපිළිවෙල අනුව ආණමුඩුව මැතිවරණ කොට්ඨාශයට ඇතුළත්වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 සඳහාම එක් ජාතික පාසල බැගින් ස්ථාපිත වෙයි. 2018 වසර තුළ මෙම කටයුත්ත සිදු කරන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

    මේ අතර ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ආණමඩුවට අයත් පාසල් 87 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya