මෙම උත්සවයට කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය , කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ දිස්ත්‍රික් මහදිසාපති ආර්.එම්.වන්නිනායක මහතා සහභාගි වීමට නියමිතය.
දේශාභිමාන ගීත ගායනය සහ තූර්යවාදන ඉදිරිපත් කිරීම් අනුරාධපුර ප්‍රධාන පාසල් නියෝජනය කරන සිසු සිසුවියන් විසින් සිදු කෙරේ.ත්‍රිවිධ හමුදා උත්තමාචාර ද පැවැත්වේ. සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පාසල් සිසුන් විසින් නිදහස පිළිබඳව අදහස් දැක්වීම ද සිදු කරනු ලැබේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි පූජකවරුන්ගේ සර්ව ආගමික වාතාවත්ද සමඟින් මෙම උත්සවය පැවැත්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී ය.
DMU/Amuradhapura