සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනට තාක්ෂණික සහාය

    ජනවාරි 30, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන්කුඹුරු අස්වැද්දිම සහ නව තාක්ෂණික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය සඳහා  ගොවි සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ.

    2017 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන 10කට වල් නෙළන යන්ත්‍ර බෙදා දීම සිදු වී ඇති අතර ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතිපාදන මගින් මෙම ව්‍යාපෘතියට ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    මෝටර් සහිත වල් නෙළන යන්ත්‍ර මේ මගින් නොමිලයේ ගොවි සංවිධාන වෙත ලබා දී ඇති අතර රජය ලබා දෙන  මිලක් යටතේ ගොවින්ට සේවාව ලබා ගැනීමට හැකි අයුරින් මෙය ක්‍රියාත්මක විය.

    බෝපෙ පෝද්දල, කරන්දෙණිය, අක්මීමන, ඉමදුව සහ බද්දෙගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන  පරිදි ගොවි සංවිධානවලට මෙම යන්ත්‍ර බෙදා හැරීම සිදු විය. එමෙන්ම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන
    යටතේ ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතිපාදන යටතේ ගොයම් පැල සිටුවීමේ යන්ත්‍ර බෙදා දීම ද, 2017 වසරේ සිදු  වූ විශේෂ ව්‍යාපෘතියකි.

    ලබුදුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගොවි සංවිධාන දෙකක් සඳහා වල් නෙළන යන්ත්‍ර දෙකක් පෝද්දල පන්නමග ඒකාබද්ධ ගොවි සවිධානයට සහ හෝළුවාගොඩ එක්සත් ගොවි සංවිධානයට හිමි විය.

    ඌරගස් මංහන්දිය ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ පරාක්‍රම හා පැරකුම් ගොවි සංවිධාන දෙක සඳහාද වල් නෙළන යන්ත්‍ර දෙකක්ල බා දිම සිදු විය. පිලාන කලහේ ගොවි සංවිධානය සහ බඹර ගොඩ ගොවි සංවිධානයටද
    පරගොඩ මායාකඩුව පිටුවලහේන ඒකාබද්ධ ගොවි සංවිධානයටද හවිපේ ගොවි සංවිධානයටද මේ යටතේ වල්  නෙළන යන්ත්‍ර ලැබී තිබේ. වදුරඹ ඉහළ කීඹිය දකුණ හා පොල්ගහවිල ගොවි සංවිධානය යටතේ බද්දේගම
    ප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයට මෙම යන්ත්‍ර ලබා දීම සිදු විය. 

    එමෙන් ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මගින් පසු ගිය වසරේ මෙම යන්ත්‍ර සඳහා මිල නියම කිරීමක් සිදු වූ අතර මෝටර් සහිත වල් නෙළන යන්ත්‍ර 10 සඳහා කුඹුරු අක්කරයක වල් නෙළිමට රු 2500ක මිලක් යටතේ ප්‍රෙද්ශයේ ගොවි ජනතාවට සේවය ලබා ගැනීමට හැකි වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වු බව දිස්ත්‍රික් කෘෂි කර්ම ඒකකය පෙන්වා දෙයි.

    මාධ්‍ය ඒකකය
    ගාල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya