සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු සහායෙන් කොළඹ විශ්වවිද්‍යාලයට නව හෙද පීඨයක්

    ජනවාරි 26, 2018
     
    ප්‍රථමවරට කොරියානු රජය හා කොරියානු Inje විශ්වවිද්‍යාලයේ සහාය ඇති ව හෙද පීඨයක් කොළඹ විශ්වවිද්‍යාලයේ විවෘත කර ඇත.
     
    මෙම නව පීඨය ආරම්භ කිරීමත් සමග අධ්‍යාපනය පමණක් නොව විවිධ අධ්‍යයනයන් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබෙන අතර ම දෙරටේ සංවර්ධනය සඳහා මෙය පාලමක් කොට ගනිමු යැයි මෙම අවස්ථාවට එක්වෙමින් Inje විශ්වවිද්‍යාලයේ සභාපති ඉන්. ජුන්චා මහතා පැවසීය. 
     
    ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳ ව කොරියානු රජයට සිය ස්තූතිය පුද කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2013 වසරේ සිට මේ දක්වා ව්‍යාපෘතිය ආරම්භ කොට ඒ පිළිබඳ ව දැක්වූ උනන්දුව අගය කරන බවත් කීය. 
     
    ශ්‍රී ලංකාවේ හෙදියන්ගේ ප්‍රමාණය හිඟ බැවින් එය වැඩිකිරීමට අවධානය යොමු කළ අතර කොරියානු රජය හා Inje විශ්වවිද්‍යාලය සහාය ඇතිව එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya