මෙම සැලැස්ම අංශ 13 ක් යටතේ සැකසේ. මෙහිදී සුළු හා වානිජ මට්ටමේ කිරි ගොවීන් සංවර්ධනය කිරීමත්, කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමත්, දේශගුණික හා කාලගුණික විපර්යාසයන් පිළිබදව ගොවීන්ට විසදුම් ලබා දීමත් අරමුණු කර ගනිමින් මෙම සැලැස්ම සැකසේ .
මෙහිදී තිරසර සංවර්ධන ඉලක්ක 7ක් පදනම් කරගෙන මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ. දුප්පත්කම තුරන් කිරීම , සියළුදෙනාටම හොද පෝෂණීය ආහාර වේලක් ලබා දීම ,යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීම, ලිංගිකත්ව සමානත්වය, තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය කාලගුණික විපර්යාසයන්ට හොදින් මුහුණ දීම හා ආර්ථික සංවර්ධනයට දායක විම මෙම සංවර්ධන ඉලක්කයන් වේ.
මේ සදහා මුලිකවම ව්‍යවසායකයා හා රජය අතර සහයෝගීතාවයක් ගොඩනගා ගෙන ඉදිරියට යාම ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අපේක්ෂාවයි. මෙහිදී සතුන්ගේ ආරයන් දියුණු කිරීම ,යටිතල පහසුකම් සංවර්ධනය, ව්‍යාප්ති සේවාවන් නිසි පරිදි ලබා දීම හා නව දැනුම හා සේවාවන් ලබා දීම සිදු කෙරෙනු ඇත.
එමෙන්ම ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට රජය ගෙන ඇති පියවරට සහාය දක්වමින් ඉදිරියේදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ඇසුරුම්කරණයේදී ප්ලාස්ටික් භාවිතා නොකිරීමට සැලසුම් කර ඇත සෑම පාසැල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දීම හා යෞවනයන් සදහා කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමටද අපේක්ෂා කෙරේ .
තරුණ පරපුර සදහා කිරි කර්මාන්තය පිළිබද නව තාක්ෂණය හා දැනුම ලබා දීම සඳහා විශ්ව විද්‍යාල මට්ටමේ උසස් තාක්ෂණික ආයතයක් බිහි කිරීමද මෙම සැලැස්මේ එක් අංගයකි. මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් වාර්ෂිකව කිරි ලීටර් මිලියන 1500 ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අපේක්ෂාවයි මෙයින් කිරි පිටි ආනයනය සදහා පිටරටට ඇදි යන විදේශ විනිමය ප්‍රමාණය අවම කර ගැනීමටද ස්වයං රැකියා අවස්ථා වැඩි කර ගැනීමටත් අවස්ථාව සැලසේ . මෙමගින් කිරි ආශ්‍රීත කර්මාන්ත වැඩි දියුණු වීම මෙන්ම කිරි සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය ස්‍යෙඛ්‍ය සම්පන්න පානයක් බවට පත් කිරීමට හැකිවනු ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ ක්ෂේත්‍රයන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති අතර මෙම ක්‍රමෝපායික සැලැස්ම ලබන මස වන විට එළි දැක්වීමටද නියමිතය.