සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය අලුත් කරයි

    ජනවාරි 24, 2018

    නවතම තොරතුරු ඇතුළත්කොට ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගම්, නගර සහ මාර්ග රැසක් අලුතින් ඉදි වී තිබෙන අතර ඒවා රජය විසින් ගැසට් මගින් ද ප්‍රකාශයට පත්කොට ඇත.  ඒවායේ ස්ථානීය නාම හා භූගෝලීය නාමයන් පිළිබඳව ද සැළිකිලි මත් වෙමින් නව ග්‍රාම නාමාවලිය සකස් කෙරෙන බව රජයේ මිණුම්පති ජනරාල් පී.එම්,පී උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    මෙම කාර්යයේදී ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආගමික නායකයින් හා විදුහල්පතිවරුන් ආදීන් සමග ද සාකච්ඡා කොට තොරතුරු ලබාගෙන තිබේ.  මුලින් එම තොරතුරු ඇතුළත් කොට ඩිජිටල් සිතියමක් සකස් කෙරෙන අතර ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට යන බව ද ඒ මහතා කීය.

     

    නව ග්‍රාම නාමාවලියේ ඇතුළත් වන ගම්වල නම් දෙපාර්තමේන්තුව මගින් සකස් කෙරෙන සෙසු සිතියම් සඳහා ද යොදාගනු ඇත.  අවසන් සිතියම සකස්කොට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුලත් කරන අතර පසුව එය මුද්‍රණය කොට පුසිද්ධ කිරීමට කටයුතු යොදන බවද උදයකාන්ත මහතා තව දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya