අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන්ට හෙට වන්දි මුදල් අත්තිකාරමක් - අමාත්‍ය වජිර අබේවර්ධන

    ජනවාරි 14, 2018
    දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ හානියට පත් නිවාස සඳහා හෙට (15) දිනයේ දී ම වන්දි මුදලක් ලබාදෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 
     
    සිකුරාදා (12) සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටියේ ග්‍රාම නිලධාරී වසම් 13ක නිවාස 192ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 446කි. මෙම නිවාසවල පදිංචිව සිටි 2882 ක් පීඩාවට පත්ව සිටිති. අත්තනලගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ නිවාස දෙකකට හානි සිදුවීමෙන් පුද්ගලයන් 14 දෙනකු විපතට පත්ව සිටිති. 
     
    ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ හානියට පත් නිවාස සඳහා ලබාදෙන වන්දි මුදලින් අත්තිකාරමක් ලෙස සඳුදා දිනයේ දී ම රුපියල් 10,000 බැගින් ලබා දීමට කටයුතු කර ඇති බවයි.
     
    ''මේ හානිය දැනගත් වහාම ජනාධිපපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එ් ගැන පුද්ගලිකව ම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිතුමාගේ නියමයෙන් අගමැතිතුමාගේ උපදෙස් අනුව අපි සඳුදා දිනයේ දී ම හානි සිදු වූ නිවාස සඳහා රුපියල් 10,000 බැගින් අත්තිකාරම් මුදලක් ලබාදීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ මුදල ලබා දෙන්නේ ඔවුන්ට ඉක්මණින් තම ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීම සඳහා උදව්වක් හැටියට. ඒ වගේ ම සෙනසුරාදා හා ඉරිදා දින දෙකෙහි ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් යොදවා හානි වාර්තා වූ නිවාස තක්සේරු කරලා ඒ තක්සේරුව අනුව ඉදිරි සතිය ඇතුලත ම සම්පූර්ණ වන්දි මුදල ලබාදීමටත් කටයුතු කරනවා. හානියට පත්වූ නිවාස ඇත්නම් ඒ පිළිබඳ තම වසමේ ග්‍රාම නිලධාරීවරයා මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දෙන්න කියා ඉල්ලා සිටිනවා යැයි වජිර අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් සමග මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සකස් කර ඇති බවයි. 
     
    එමෙන් ම මෙවැනි හදිසි ආපදා තත්ත්වයක දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි දුරකථන ඇමතුම් අංකය වන 1902 වෙත දැනුම් දෙන ලෙස ද එම අමාත්‍යාංශය පවසයි. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya