අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිරට, සබරගමුවට තරමක තද වැසි

    ජනවාරි 13, 2018
    උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් සෙසු පලාත්වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් පෙන්වාදෙන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සමහර ස්ථානවලට විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.50 වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක යැයි ද පවසයි. 
     
    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ  හැක.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya