මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ අඩුවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජනවාරි 14, 2018
    අද දිනෙන්  පසු දිවයින පුරා දැනට පවතින වැසි තත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල  දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
     
    ඌව පලාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ  හැක.
     
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්  හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
     
    මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු  ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට‍ එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තාවකාලික තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya