අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියන 200ක වියදමින් ඉදි කළ මහනුවර ශ්‍රවනාගාරය විවෘත කෙරේ

    ජනවාරි 04, 2018

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කළ නව ශ්‍රවණාගාරය  ජනවාරි 06 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට කටයුතු යොදා තිබේ.

    මිලියන 200 ක මුදලක් වැය කොට ඉදි කර ඇති මෙම ශ්‍රවණාගාරය මහල් තුනකින් යුක්තය. ආසන 700 කින් යුක්තව වායුසමීකරණය කොට ඉදි කොට ඇති මෙම ශ්‍රවණාගාරය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක තිබිය යුතු සෑම පහසුකමකින්ම සමන්විතය.

    ආපන ශාලාවක් ,වේශ නිරූපණය සඳහා අවශ්‍ය කාමර පහසුකම්, ප්‍රභූන්ට රැදී සිටිය හැකි කාමර සහ වාහන නවතා තැබීමේ පහසුකම් වලින්ද සමන්විතව ඉදි කොට ඇති මෙම ශ්‍රවණාගාරය මහනුවර දිස්ත්‍රික්කයේ මෙතෙක් ඉදි වූ විශාලතම ශ්‍රවණාගාරය ලෙසද හැදින්විය හැකිය.

    ශ්‍රවනාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මැති අමැතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතය.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya