අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 235 ක් වටිනා පානීය ජල බවුසර් බෙදාදීම

    ජනවාරි 04, 2018
    සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ රජයේ වැඩසටහනට අනුව නියඟ කාලයෙත් පානීය ජලය බෙදා දීමට පහසු වන සේ විවිධ ප‍්‍රදේශවලට ජල බවුසර් ලබාදීමේ අවස්ථාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී සිදු කරන ලදි.
     
    මෙම බවුසර රථ ජල ලීටර් 4000 සිට ලීටර් 9000 දක්වා ප‍්‍රමාණවලින් යුක්ත වන අතර බවුසර් රථ 13 ක් සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 235 ක් වැයකර ඇත.
     
    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩි.ජි.එම්.වි. හපුආරච්චි, අතිරේක ලේකම් ඒ.සි.එම්. නෆීල්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උප සභාපති ෂෆික් රජාබ්දීන්, සාමාන්‍යධිකාරී දීප්ති සුමනසේකර යන නිලධාරීන් සහභාගී වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya