සාමාන්‍ය පරිදි වාර්ෂිකව සමරු මුද්දර 40 - 50ත් අතර ප්‍රමාණයක් මුද්දර කාර්යාංශය වෙතින් නිකුත් කෙරන අතර එය පවතින සුවිශේෂි තත්ත්වයන් මත වෙනස් වන අවස්ථාවන් ද ඇති බවත් ඒ මහතා පෙන්වා දුනි.
ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ මුද්දර කවුළු පසුගිය 2016 වන විටත් කොළඹට පමණක් සීමා ව තිබූ අතර ම 2016 දෙසැම්බර් මාසයේ දී මහනුවර දිස්ත්‍රික්කය තුළ ද, 2017 වසර තුළ දී අනුරාධපුර, ගාල්ල, මාතර, බෙන්තොට, නුවරඑළිය වශයෙන් ප්‍රාදේශීය මුද්දර කවුළු 06ක් විවෘත කිරීමට කටයුතු කළ බවත් කීය.
එමෙන් ම 2018 වසර තුළ දී ප්‍රාදේශීය මුද්දර උප කවුළු 4 - 5 ක් අතර ප්‍රමාණයක් ඇතිකිරීමට කටයුතු කරන අතර ම ප්‍රාදේශීය මුද්දර ප්‍රවර්ධන නිලධාරීන් හරහා පාසල් මුද්දර සමාජ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.