අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහන ණයක්

    ජනවාරි 01, 2018

    වසර 45 කට වඩා දිවෙන ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර වන සංවර්ධන සහයෝගීතාවය සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාවය පළකර ඇත.

    යෝජිත ව්‍යාපෘතිය මගින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කළ හැකිවන පරිදි පූර්වයෙන් තෝරා ගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 06ක් නවීන උපකරණ ස්ථාපනය කිරීම මඟින් පූර්ණ ලෙස නවීකරණය කිරීමට අපේක්ෂිතය.

    අදාල නවීන උපකරණ මගින් ඉහල ගුණත්වයේ කිරි ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති අතර අදාල ක්‍රියාවලිය පරිගණක ආශ්‍රයෙන් නිරික්ෂණයටද හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව, අභිජනන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රංශයේ ලාභ අරමුණු කර නොගත් ආයතනයක් ගොවීන් වෙත ලබාදෙනු ලබන තාක්ෂණික සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත විධිමත් වෙළඳපොල ගවේශනයක්ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ඇත.

    මෙම ව්‍යාපෘතිය, 2020 වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය සඳහා මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර වන පරතරය අවම කිරීම සඳහා
    දායකත්වය දක්වනු ඇති බවට අපේක්ෂිතය.

    අදාල මූල්‍ය එකඟතා ගිවිසුම සඳහා පසුගිය දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකවේ ප්‍රංශ තානාපති කාර්ය්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Isabelle MISCOT මහත්මිය ප්‍රංශ රජය වෙනුවෙන් අදාල ගිවිසුමට අත්සන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya