අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාන් ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන් යළි පදිංචි කෙරේ

    දෙසැම්බර් 30, 2017
    පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වන පුද්ගලයන්ට ඒ වෙනුවට  කළුවිල , නාරන්විල , සෙට්ටිකුලම ප්‍රදේශවලින් ඉඩම් හිමි වන බව අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා පවසයි.
     
    දිසාපතිවරයා මේ බව පැවසුවේ පහළ මල්වතු ඔය හා යාන් ඔය ව්‍යාපෘති සම්බන්ධව පසුගියදා පැවැති රැස්වීමකදීය. මෙම ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වූවන් මේ වන විට ඕමාරකඩ හා ඉසන්වැව ප්‍රදේශවල නැවත පදිංචි කරවා ඇති අතර නිවාසවල ප්‍රතිෂ්ඨාපන වන්දි දැනටමත් බැංකු ගත කර ඇති බව  ද මහ දිසාපතිවරයා සඳහන් කළේ ය.
     
    එම නව ජනවාසවල යටිතල පහසුකම් ඇති කර සංවර්ධනය කිරීම කඩිකම් කෙරෙන බව ද   මහ දිසාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 
        
    අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya