අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුනාමියෙන් ජීවිත අහිමි වූවන්ට පිං පැමිණවීමේ වැඩසටහනක් ගාල්ලේදී

    දෙසැම්බර් 27, 2017

    සුනාමි ව්‍යසනය හේතුවේවෙන් ජීවිත අහිමිවූවන්ට සිහිපත් කර පිං පැමිණවීමේ වැඩසටහනක් ඊයේ (26) ගාල්ල පැරෑලියේ දී උත්සවාකරයෙන් පැවත්විණි.

    මෙහි දී සුනාමියෙන් මිය ගිය පුද්ගලයින්ට පින් පැමිණ වීම සහ සුනාමි ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සිදුවිය.

     

    2004 වර්ෂයේ සිදුවූ සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් පැරෑලිය දුම්රිය අනතුර සිහිපත් කරමින් ඊයේ  පෙ.ව.9.27 ට දුම්රිය එම ස්ථානයට පැමිණි අතර, ඉන් බැසගත් දුම්රිය නිලධාරීන් සහ පිරිස් සුනාමි ස්මාරකය අබියසට ගොස් පුෂ්පෝහාර දැක් වීම සිදු කරන ලදී.

     

    මේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඩී එල් එස් සේනාධීර , 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුගත් පෙරේරා යන මහත්වරුන් පිරිසක් එක්ව සිටි අතර සුනාමියෙන් මිය ගිය පිරිස් වෙත පින් පැමිණ වීම සඳහා සර්ව ආගමික වතාවත් ද එම අවස්ථාවේ දී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya