අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ''ඊ'' කලාපයේ සංවර්ධන කටයුතු ලබන වසර මුලදි ඇරඹේ

    දෙසැම්බර් 21, 2017

    මහවැලි මහ සැලැස්මේ "ඊ"  කලාපය වශයෙන් හඳුන්වා ඇති මාතලේ හා මහනුවර යන දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව හා මිණිපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමේ කටයුතු ලබන වසර මුලදී  ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 44ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 27ක්  මේ යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා  කරයි.

    මීට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ජනපදිකයින්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමත්, ජීවන තත්වය හා ආදායම් මාර්ග වැඩි දියුණු කර ග්‍රාමීය මාර්ග පද්ධති සහ  සමාජීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත්, කෘෂිකාර්මික ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ගෙවතු සංවර්ධනය තුළින් ජාතික ආහාර නිෂ්පාදනයට දායක වීමත්, පාරිසරික සංරක්ෂණ ක්‍රමවේද හදුන්වා දීමත් සමාජ සජීවීකරණය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කර ගැනීමත් සිදු කෙරෙන බව මහවැලි අධිකාරිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya