අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට නව රූපවාහිනි නාලිකාවක්

    දෙසැම්බර් 20, 2017
    උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා "සංහිඳියාවේ නාලිකාව" නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
     
    ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබාදී ඇති අතර නව නාලිකාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
     
    මෙම නාලිකාව සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදිකිරීම පිණිස චාවකච්චේරිය ප්‍රදේශයේ මීසාලෛයි වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දී ඇත. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත පවරාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවද අමාත්‍යවරයා පැවසීය.
     
    ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ දී පිටිවහලක් වන බැවින් "සංහිඳියාවේ නාලිකාව" ආරම්භ කිරීමට රජය තීරණය කළ බවද තවදුරටත් පැවසීය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya