අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වෙයි

    දෙසැම්බර් 21, 2017

    අදියර දෙකකදී පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා වන නාමයෝජනා භාර ගැනීමේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා පත්‍ර 101 ක් ඉදිරිපත් වූ බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී , ආර්.එම්.වන්නිනායක මහතා පැවසී ය.

    ඉන් එක් නාමයෝජනාවක් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප විය. එලෙස ප්‍රතික්ෂේප වුයේ , තිරප්පනේ ප්‍රාදේශිය සභාවට අයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ , නාමයෝජනා පත්‍රයයි. පක්ෂ ලේකම්වරයා විසින් නාමයෝජනා පත්‍රය විධිමත් පරිදි සහතික කර නොතිබීම ඊට හේතුවයි. නාමයෝජනා පත්‍ර තුනක නම් තුනක් පමණක් ප්‍රතික්ෂේප වීමක් ද වාර්තා විය.

     

    අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ මෙවර තරග වදී. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් නවයක් ද ඉදිරිපත්ව සිටින බව එම දිස්ත්‍රික් තේරීභාර නිලධාරී වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya