අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ අඩුවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 08, 2017
    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතිනබැවින්, මේ මගින් දිවයිනට ඇතිවන බලපෑම අඩුවෙමින් පවතින අතර දිවයින පුරා වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මේ වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී.950ක් පමණ ඊශාන දෙසින් ස්ථානගතව ඇති අතර ඉදිරි පැය 24කාලය තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු දිශාවට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක සවස2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
     
    බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
     
    ගිගුරු ම්සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya