අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට විපතට පත් ධීවරයින්ට සහන සැලසීමට මිලියන 3.8ක මූදල් ආධාර

    දෙසැම්බර් 08, 2017
    හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ කාලගුණික ආපදාවලින් හානි වු ධීවර පවුල්වලට සහන සැලසීම සදහා චයිනා මර්චන්ට්ස් ආයතනයේ  Hambantota International Port Group PVT Limited විසින් ඇමරිකානු ඩොලර් 25, 000ක මුදලක් ( ලංකා රුපියල් 38,37,500) පරිත්‍යාග කළේය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී මෙම මුදල්  පරිත්‍යාගය සිදු කළ අතර, ඊට අදාල චෙක්පත Hambantota International Port Group PVT Limited හි හැන් ටියෑං - Mr. Hang Tian, Deputy General Manager  of  the China Port Holding  and Chairmen of the CICT සහ රේ- රෙන් මහතා, Mr. Ray Ren, CEO, Mr. Thissa Wickeremesinghe , Chief Business Officer of CICT විසින් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා වෙත බාර දෙනු ලැබීය.
     
    මෙම මුල්‍ය ප්‍රතිපාදන ස්වාභාවික විපත් නිසා විපතට පත් ධීවර ජනතාවගේ නිවාස අලුත්වැඩියා කිරීමටත්, එම නිවාසවලට අවශ්‍ය උපකරණ හා බඩුමුට්ටු ලබා දීමටත්, වැය කෙරේ.
     
    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසි ආපදාවන් නිසා විපතට පත් හම්බන්තොට ධීවර ජනතාව නගා සිටුවීම සඳහා මෙවැනි මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙන් චයිනා හාබර් සමාගමට සිය ස්තුතිය රජය වෙනුවෙන් පළ කරන බව කීය.
     
    මෙම අවස්ථාවට චයිනා හාර්බර් සමාගමේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වුහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya