අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර විපතට පවුල් 8549 ක් දක්වා ඉහළට

    දෙසැම්බර් 01, 2017

    අධික වර්ෂාව හා සුළු සුළං තත්ත්වය නිසා කළුතර පවුල් 8549 ක පුද්ගලයන් 33,977 ක් විපතට පත් වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 445 ක් ආපදාවට ලක් වී ඇත.

    නිවාස 294 ක් පුර්ණ වශයෙන් හානි වී ඇති අතර අර්ධ හානි සිදු වු නිවාස ගණන 6907 කි. සුළු වශයෙන් හානි වු තවත් නිවාස 1440ක් පවති . අවතැන් වූ පුද්ගලයන් 614 ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 09ක රඳවා සිටිති.

     

    එමෙන්ම මතුගම වලල්ලාවිට, බදුරලිය වලල්ලාවිට, පැලවත්ත වලල්ලාවිට, මතුගම කලවාන හා බුලත්සිංහල මොල්කාව යන මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමනයටද බාධා පැමිණ තිබේ.

     

    කළුතර නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම් යථා තත්වයට පත්කර ඇත. අලුත්ගම, බේරුවල, මතුගම හා කළුතර නගරයේ ඉතිරි ප්‍රදේශවල විදුලිය යථාවත්කිරිම සඳහා ආරක්ෂක හමුදා සාමාජිකයන් 500 කට වැඩි ප්‍ර‍මාණයක් විදුලි බල කාර්යය මණ්ඩල සමග සම්බන්ධ කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන‍යේ සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල් ප්‍ර‍සාද් ජයසිංහ මහතා පවසයි.

     

    කෙත්හේන ජල බලාගාරය යථා තත්ත්වයට පත්කර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම් ලබා දී ඇත. විදුලිය බිඳවැටීම නිසා අක්‍රීය වී ඇති දිස්ත්‍රික්කයේ උප ජල බලාගාර සක්‍රීය තත්ත්වයට පත් කිරිම සඳහා විදුලි ජනක යන්ත්‍ර‍ හෝ යොදාගනිමින් කඩිනම් කරන ලෙස වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද දහවල් පැවැති රැස්වීමකදි ජලසම්පාදන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.

     

    අද රාත්‍රි වන විට බිදවැටුණු බොහෝ ප්‍රදේශවලට ජල හා විදුලි සැපයුම් ලබාදීමට ජලසම්පාදන මණ්ඩලය හා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya