අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල්වලා පහල නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 01, 2017
    දැනට පවතින වර්ෂාපතනය අනුව නිල්වලා පහල නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ හා කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
     
    ගිං ගඟෙහි තවලම ජල මිනුම් ස්ථානය සාමන්‍ය මට්ටමේ පවතින අතර බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමේ පවතින අතර එම තත්ත්වය ඉදිරි පැය 06ක කාලය තුළ තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.
     
    කළු ගඟෙහි මිල්ලකන්ද ජල මිනුම් ස්ථානය සුළු ගංවතුර මට්ටමේ පවතින අතර එය ද තවදුරටත් වර්ධනය විය හැකිය.
     
    පවතින වර්ෂාපතනය අනුව මෙම ගංඟාවන් ගංවතුර මට්ටම්වල තවදුරටත් ඉහළ යාමක් බලාපොරොත්තුවන බැවින් එම ගංඟා අවට පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya