අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි පාරිභෝගිකයන් 15%කගේ විදුලිය බිඳවැටිලා - විදුලිබල ඇමැති

    දෙසැම්බර් 01, 2017
    පසුගිය දා ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් මිලියන 06ක් පමණ වන සමස්ත විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණයෙන් 15%කගේ පමණ විදුලිය බිඳවැටුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) එම අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව 29දා රාත්‍රියේ  දස ලක්ෂ හත්සිය දෙනෙකුගේ පමණ විදුලිය බිඳවැටුණු අතර එම ප්‍රමාණය 30දා වන විට අටලක්ෂ හයදහස් එකසියයක් දක්වාද, අදවන විට පන්ලක්ෂ පනස්දෙදහස් හාරසිය හැත්තෑදෙදෙනෙකු දක්වා අඩුව ඇතැයි ද පෙන්වාදෙයි. 
     
    15%ක පැවැති විදුලිබිඳවැටීම් ප්‍රමාණය මේ වන විට 8.3%ක් දක්වා අඩුව ඇතැයි ද ඉතිරි සියලු බිඳවැටීම් ඉතා ඉක්මනින් යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින අතර ම ඒ සඳහා වර්ෂාවෙන් බාධාවන් එල්ලවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    29දා රාත්‍රිය වන විට මෙගාවොට් 1526ක විදුලි ඉල්ලුමක් පැවැති අතර ම ඉතිහාසයේ ප්‍රථම වරට එකවර විදුලි ඉල්ලුම මෙගාවොට් 726ක් දක්වා අඩුවීමට මෙම බිඳවැටීම් හේතුවූ බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා දිවයිනේ ගාල්ල, කළුතර හා කොළඹ දකුණු ප්‍රදේශවල මෙලෙස විදුලි පද්ධතියට හානි වී ඇතැයි ද කීය.
     
    ස්වේච්ඡා සංවිධාන, ආරක්ෂ අංශ, පළාත් පාලන ආයතන, විදුලි නොවන රජයේ සේවකයන් විදුලි බිඳවැටීම් යථාතත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත සහයෝගය ලබාදෙන අතර ම ආපදාවන් වාර්තා නොවන ප්‍රදේශ වෙතින් කණ්ඩායම් 20ක් ආපදා පවතින ප්‍රදේශ වෙත කැඳවා ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya