අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවියේ වනජීවී ඉඩම්වල ජනතාවට සහන ලබාදීමට වනජීවී - ඉඩම් ඇමතිවරු විශේෂ සාකච්ඡවක

    නොවැම්බර් 23, 2017

    උතුරු මැද පළාත්ට අයත් පදවිය ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාව අතුරින් වනජීවි කලාප තුළ පදිංචි වී සිටින පවුල් 200 කගේ පමණ පවතින ඉඩම් ගැටළු සඳහා ගතහැකි සහන කි‍්‍රයාමාර්ග පිළිබඳව වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සහ ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

    පදවිය නගරයේ යම් යම් ස්ථාන මෙන්ම රජයේ රෝහල පවා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බවද මේ සාකච්ඡාවේදී හඳුනාගෙන තිබේ.

     

    ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා පදවිය ප‍්‍රදේශයේදී සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී පදවිය ප‍්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීම වෙනුවෙන් මෙම සාකච්ඡාවට කැඳවා තිබුණි.

     

    පදවිය ප‍්‍රදේශයේ වනජීවි ප‍්‍රදේශ ආශි‍්‍රතව ජීවත් වන පවුල් ගණනාවකටම දීමනා බලපත‍්‍ර හිමි බවත්, තවත් පිරිසක් අනවසරව භුක්ති විඳින බවත් මේ සාකච්ඡාවේදි හෙළි විය.

     

    මෙම ජනතාවට සහනයක් ලබා දීම වෙනුවෙන් ඉදිරි කාලය තුළ ඉඩම් අමාත්‍යාංශය, වනජීවී අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පදවිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය වන අයුරින් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුව මගින් පදවිය ප‍්‍රදේශයේ එම ඉඩම් ගැටළු සඳහා විසදුම් ලබා දීම වෙනුවෙන් පූර්ණ සමීක්ෂණයක් සිදුකර එම ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි ක‍්‍රමවේදයක් සකසන ලෙස ද ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

     


    මෙම විශේෂ සාකච්ඡාව වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය, අතිරේක ලේකම් (ඉඩම්​) දයාරත්න, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඞී.බී මීගස්මුල්ල මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූරිය බණ්ඩාර මහත්වරු ඇතුළු නිළධාරීන් රැසක්ම මෙම සාකච්ඡාවට සහභාගී වූහ. ​



    1963 වසරේ විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් පදවිය ප‍්‍රදේශයේ දීමනා බලපත‍්‍ර නිකුත් කර ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya