අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුරට සංචාරක කලාපයක්

    නොවැම්බර් 24, 2017
    රත්නපුර නව නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරක කලාපයක් ස්ථාපිත කරන බව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසූයේ පසුගියදා පළාත් ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේ පැවති විශේෂ රැස්වීමකට එක් වෙමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ සබරගමුව ආණ්ඩුකාරවරයා පැවසූයේ රත්නුපර නව නගරය වන රක්ෂීතයකින් සමන්විත සුන්දර පරිසරයක් පවතින බවයි.
    එමෙන්ම එම නගරය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයින් සඳහා අවශ්‍ය සංචාරක නිකේතන, අවන්හල් මෙන්ම සෙසු පහසුකම්වලින් සමන්විත  බවය.
    රත්නපුර නවනගරය ආශ්‍රිතව පවතින තාවකාලික වෙළඳ කුටි සඳහා නාගරික සංවර්ධන  අධිකාරිය සහ සබරගමුව පළාත් සභාව එක්ව  අංග සම්පූර්ණ මහල් වෙළඳ සංකීර්ණයක් ඉදි කෙරෙන බව මාර්ෂල් පෙරේරා මහතා මෙහිදී පැවසීය.
     
    එමෙන්ම පතල් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ද රත්නපුර නව නගරය ආශ්‍රිතව ඉදිකරන බව සබරගමුව ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.
     
    ඒ යටතේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන හා අලෙවි කුටි ද මේ යටතේ ඉදිකිරීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කරයි.
     
    එමෙන්ම මැණික් හා පතල් කර්මාන්තය පිළිබඳව හැදෑරීමට අවශ්‍ය පතල් ඇතුළු සෙසු ක්ෂේත්‍ර ද මෙහිදී ඉදිකෙරෙනු ඇත.
     
    මෙම අවස්ථාවටපළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා,ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩම්කොටුව,නියෝජය ප්‍රධාන ලේකම්  (පාලන) ප්‍රභාත් උදාකර, ,සමාජ සුභ සාධන කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.මාලනී, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ප්‍රේමචන්ද්‍ර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් දේවප්‍රිය විජයරාජ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක එච්. යූ ලියන ආරච්චි, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාත්මක නිලධාරි අසංක බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya