මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයේ දී කෑගල්ලේ පොලිතින් නෑ

    නොවැම්බර් 13, 2017
    ඉදිරි දී පැවැත්වෙන මැතිවරණ කටයුතු සඳහා පොලිතින් භාවිතා නොකිරීමට කෑගල්ල දිස්ත්‍රික් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබේ.
     
    මෙම විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පසුගියදා පැවැත්විණි.
     
    මදුරු උවදුර ව්‍යාප්ත වීම සඳහා පොලිතින් දැඩි ලෙස බලපාන බැවින් ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ කටයුතුවලදී පොලිතින් භාවිතය මුළුමනින්ම  නතර කළයුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා මෙහිදී සඳහන් කොට ඇත.
     
    ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා පොලිතින් භාවිතය නතර කිරීමට පොදු එකඟත්වය පල කරන බව එම අවස්ථාවට සහභාගී වූ නියෝජිතයින් පැවසූහ.
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න, සුජිත් සංජය පෙරේරා, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න සහ කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya