අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසා සතුන්ගෙන් වෙන්කෙරෙන ප‍්‍රධානත ම සාධකය කලාවයි - අමාත්‍ය සියඹලාපිටිය

    නොවැම්බර් 14, 2017
    ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නොයෙක් කරුණු පිළිබඳ ව නිරන්තරයෙන් සාකච්ඡා කරනවා මෙන් ම තීන්දු තීරණ ගන්නා නමුත් කලාව ඒ සියල්ලකට ම වඩා වෙනස්ම දෙයක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 
     
    මිනිසා සත්තුන්ගෙන් වෙන්කෙරෙන ප‍්‍රධානත ම සාධකය කලාව බවත් ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් කලාව, සාහිත්‍ය පිළිබඳ ව අපට ආඩම්බරයෙන් කතාකළ හැකි දීර්ඝ ඉතිහාසයක් ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා කෑගල්ල නගර ශාලාවේ පැවති කෑගලු දිසාවේ සාහිත්‍ය මහෝත්සවයට සහභාගි වෙමිනි. 
     
    "මිනිසා කරන හැමදේම සත්තුත් කරනවා. අපි උපදිනවා. ජීවත් වෙනවා. ලෙඩ වෙනවා. කෑම හොයා ගන්නවා. අවසානේ මැරෙනවා. මේ හැමදෙයක්ම සතුන්ටත් වෙනවා. නමුත් මිනිසා සතුන්ට වඩා දියුණු, උසස් ක‍්‍රම අනුගමනය කරනවා. එහෙම වෙන්නේ සතුන්ට වඩා මිනිසාගේ මනස උසස් නිසයි. උසස් මනසකින් යුත් මිනිසා කලාව, සාහිත්‍යය තුළින් තම ජීවිත මෙන්ම අවට පරිසරය  මනා අන්දමකට සකස් කරගන්නවා. අන්න ඒ නිසාම තමයි මරණයෙන් පසුව උනත් මිනිසා සිටි බවට සාක්ෂි තියෙන්නේ. ඒ නිසා කලාව දියුණු කිරීම වගේම ව්‍යාප්ත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. 
     
    අපේ රටට පැමිණි හෙන්රි බේකර් නම් විදේශිකයෙක් රුවන්වැලි සෑය සහ තිසා වැව දැකලා ශ‍්‍රී ලංකාවේ පෙර ජීවත්වූ මිනිස් කොට්ඨාසය දැන් ජීවත්වන මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨ කොටසක් බවත්, පෙර සිටි මිනිසුන් අහස උසට තැනූ ගොඩනැගිලි සහ මුහුදට සමානව ඉදිකළ ජලාශයන් දක්නට ලබුණු බවත්, දැන් ලංකාවේ එවැනි මිනිසුන් නොමැති බවත් පසුකළෙක ඔහු විසින් රචිත ග‍්‍රන්ථයක ඔහු සඳහන් කරලා තිබෙනවා. 
     
    ලංකාවේ කලාවට සහ ඉතිහාසයට ආඩම්බරයෙන් කතාකරන්න පුළුවන් ඉතිහාසයක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya