මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ආපදාවලට ලක්වන ප්‍රදේශ සඳහා කැනඩා රජයෙන් ජංගම සායන

    නොවැම්බර් 13, 2017
    රත්නපුර දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් ආපදාලට ලක්වන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ජංගම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතියක් කැනඩා රජය මගින් ක්‍රියාත්මක කර ඇතැයි සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
     
    එම ව්‍යාපෘතිය යටතේ රත්නපුර, ඇලපාත, පළාවෙල ස්ථාපිත කළ නව ජංගම ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    ගංවතුර සහ නායයාම් බහුල ප්‍රදේශවල ස්ථාපිත කරනු ලබන මෙම සෞඛ්‍ය මධ්‍යස්ථාන තුළ ළමා හා මාතෘ ඇතුළු සායන රැසක් ක්‍රියාත්මක වේ.
     
    පළාවෙල නව සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ 2003 වර්ෂයේ නාය යාමට ලක්වූ  ඇලපාත පළාවෙල ප්‍රදේශ මුල් කර ගනිමිනි. එම නායයාමෙන් 2003 වර්ෂයේ අබේපුර ගම්මානයම විනාශට පත්ව පුද්ගලයින් 88 දෙනෙකු පමණ මියගොස් පවුල් 190 ක් පමණ අවතැන් විය. එම පවුල්වල අවතැන්වූ ප්‍රජාව වෙනුවෙන් කොරියානු රජය මගින් ඉදි කළ චෝගේ ගම්මානය ද පිහිටා ඇත්තේ මෙම ජංගම සායනය ආසන්නයේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya