අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානදුර නගරය විධිමත් නගරයක් ලෙස සංවර්ධනය කරනවා - අමාත්‍ය පාඨලී චම්පික

    නොවැම්බර් 01, 2017
    පානදුර නගරය විධිමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් එයට බාධා නොකර තමන්ගේ පුද්ගලික උන්නතිය පිළිබඳ ව පමණක් නොසිතා සෑම කෙනාම එයට දායක විය යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පානදුර බස්නැවතුම්පල තෙවන අදියර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. පානදුර බස්නැවතුම්පල තෙවන අදියර සංවර්ධනය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 76 කි. 
     
    "පානදුර අපේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවලින් එකක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා, ඒ අනුව ගාල වත්තේ මනරම් උද්‍යානයක් අපි ඉදිකිරීමට කටයුතු කරනවා. පානදුර ඓතිහාසික පුනර්ජීවනයේ නියමුවෙක් වූ ආතර් වී දියෙස් මැතිතුමාවත් සිහිවන අයුරින් එම උද්‍යනය ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා".
     
    "යහපාලන ආණ්ඩුව බලහත්කාරය පාවිච්චි නොකරන නිසා එයම තමන්ගේ පටු අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යොදාගෙන විවිධ පිරිස් බාධා කරනවා. මෙම ස්ථානය මෙයට මාස 7 කට පෙර විවෘත කිරීමට තිබූ අවස්ථාව එමගින් නැතිව ගියා. ආණ්ඩුව යමක් කරන විට පෙළපාලි යන්න, පිකටිං බෝඩ් අල්ලගෙන පාරවල් වහන්න  ඕන තරම් පුද්ගලයින් ඉන්නවා. හැබැයි පොදු යහපතට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන්න බොහොම අකමැතියි අපේ ජනතාව". 
     
    දැනට මොරටුව දක්වා දිවෙන බස් ප්‍රමුඛතා මංතීරුව පානදුර දක්වා දීර්ඝ කිරීමටත්, බස්රියට, දුම්රියට ප්‍රමුඛතාවය දෙන ක්‍රියාදාමය අපේ අමාත්‍යාංශය මගින් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    මෙරටට අනාගතයක් ලැබීමට නම් මේ රට අද ලෝකයේ තිබෙන හතරවෙනි කාර්මික විප්ලවයත් සමග එකට එකතු විය යුතුයි. මෙරට සිටින උගත් ජනතාව තමයි එහි පසුබිම පදනම.  එතනදී අපි අපේ සංවර්ධන ප්‍රමුඛතා හොඳින් හඳුනාගත යුතුයි යැයි ද කීය.
     
    පානදුර නගරයේ ඇරඹු මෙම ක්‍රියාවලිය තව දුරටත් ඉදිරියට ගෙනයාම සඳහා ලංගම බස්නැවතුම්පලද මෙම ස්ථානයේ ස්ථාපිත කර පොදු වාහනය විධිමත් කර ප්‍රවාහන මධ්‍යස්ථානයයි දුම්රිය ස්ථානයයි එකට එකතු කර අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයක් ලෙස මෙම ස්ථානය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    2020 වන විට නාගරික සංවර්ධනය පැත්තෙන් කළුතර සෑම ප්‍රධාන නගරයක්ම ජාත්‍යන්තර නගරයක් බවටම පත් කිරීමට හැකි නාගරික පහසුකම්වලින් සමන්විත නගර බවට පත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya