මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට්ටයාවත්ත රාමනාදන් මාවතේ වාහන ගමනාගමානය සීමා කෙරේ

    ඔක්තෝබර් 28, 2017
    කොටහේන පොලිස් වසමේ කොටහේන අලුත් මාවතේ නල ජල එළීමේ කටයුත්තක් හේතුවෙන් හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) කොටසේ ඊයේ (27) රාත්‍රි 9.00  සිට ලබන 30දා අලුයම 5.00 දක්වා  වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    ඒ අනුව පිටකොටුව කොච්චිකඩේ දෙස සිට පැමිණෙන වාහන හා බස් රථ හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ ගමන් කර බ්ලුමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමැන්ඩල් මාර්ගයේ ගමන් කොට බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ සෙන් ජේම්ස් මාවතට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකිය.
     
    මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන වාහන හා බස් රථ මාදම්පිටිය මාර්ගයෙන් සෙන් ජේම්ස් මාවතෙන් බෝධිය හන්දියට ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගයෙන් ජෝර්ජ් ආර් ද සිල්වා මාවත හන්දියට පැමිණ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හන්දියට ගමන් කළ හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya