අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයට තවත් කාර්මික විද්‍යාලයක්

    ඔක්තෝබර් 28, 2017
    රුපියල් මිලියන 560ක වියදමින් යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෛයි උතුර, තේන්මාරච්චි වලිකාකම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමෙන්තුව තීරණය කොට ඇත.
     
    ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් තුළ දී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ද සැලසුම් කොට ඇත.
     
    මෙම පුහුණු මධ්‍යස්ථානය තුළින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 සහ 4 වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.
    2864ක් 
    යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ගුණාත්මක තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන එකම ආයතනය වන්නේ යාපනය තාක්ෂණ විද්‍යාලයයි. 
     
    මෙම ආයතනය වෙත වාර්ෂිකව අයදුම්පත් 8000ක් පමණ ලැබෙන නමුත් තාක්ෂණ විද්‍යාලයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ පුහුණුලාභීන් 1500කට පමණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya