අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තරට වතුර දෙන්න විශේෂ සකච්ඡාවක්

    නොවැම්බර් 05, 2017
    ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ බෙන්තර ප්‍රදේශයේ ජනතාව විශාල ගැටළුවක්ව පවතින ජල ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් විශේෂ සකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පසුගිය දා පාර්ලි‌‌මේන්තු සංකීරණයේදී පැවැත්විණි.
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ජල පවිත්‍රාගාරයේ ජල සැපයුම ඝන මීටර් 30,000 කින් වැඩි කල හොත් මෙම ප්‍රදේශයේ අඛණ්ඩව ජලය සැපයිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් මෙහිදී ප්‍රකාශ කළහ.
     
    කළුතර ජල පවිත්‍රාගාරයේ සිට බේරුවල දක්වා ජලය සැපයෙන අතර බෙන්තර ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව ඇති නිසා දැනට එලා ඇති පැරණි නල තුලින් ජලය ගෙන යාමට අපහසු වී ඇති බවද අනාවරණය විය.
     
    මතුගම අගලවත්ත, නව ජල යෝජනා ක්‍රමයේ කටයුතු 2019 වසරේ අවසන් කිරීමෙන් පසු බෙන්තර, ඇල්පිටිය ප්‍රදේශයට ජල සැපයීම නිසි අයුරින් කල හැකිවන බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුනි.
     
    දැනට ඇති පහසුකම් යටතේ හැකි අයුරින් ජල සැපයුම ඉක්මණින් ලබා දීමට කටයුතු කරන ලෙසට හා නව ජල තුල එලිම ඉක්මන් කරන ලෙසත් රවුෆ් හකීම් ඇමතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුනි.
     
    මෙම සාකච්ඡාවට ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම බෙන්තර ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූ අතර ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම මත මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya