සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි

    ඔක්තෝබර් 25, 2017
    අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනට දකුණු දෙසින් පවතින අතර දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වී ඇති බැවින් සවස් කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇති විය හැකිය. සමහර ස්ථානවලට විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තරමක් තද වැසි ඇති විය හැකිය.
     
    දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශ උදය කාලයේ දී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගිරුම් සහිත වැසි ඇතිවන විය එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya