සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව කළපුව සංවර්ධනයට වරාය නගර ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 50ක්

    ඔක්තෝබර් 25, 2017
    ධීවර කර්මාන්තයේ  කේන්ද්‍රස්ථානයක්  ලෙස සැළකෙන  මීගමුව  කළපුව සංවර්ධනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ Port City Project මැදිහත්වීමෙන් රුපියල් මිලියන 50ක වියදමින් එම කළපුව සංවර්ධනයට කටයුතු යෙදීමට වරාය නගර ව්‍යාපෘතිය තීරණය කර තිබේ.
     
    වරාය නගර ව්‍යාපෘතිය මගින් ධීවර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රගති සමාගෝචන රැස්වීමක් පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම සාකච්ඡාව ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැතිණි. එමෙන්ම ඊට වරාය නගර ව්‍යාපෘතිය භාර නිලධාරින් ද සහභාගි වුහ.
     
    මීගමුව කළපුව දැනට විශාල පාරිසරික දුෂණයකට ලක් වී තිබේ. එයට හේතු කිහිපයකි. අවට කරවල වියලීමේ කර්මාන්තයේ දෙදෙන පිරිස් විසින් කරවලට යොදන ලුණු ටොන් සිය ගණනක් දිනපතා කළපුවට මුදා හරිති. එමගින් කළපුවේ ජලයේ සමබරතාව ගිලිහී යාම නිසා ජලජ ජීවින් හා පැළෑටි වර්ධනයට එය ඉමහත් බාධාවකි.
     
    එමෙන්ම ඉවත ලද මත්ස්‍ය අපද්‍රව්‍ය කලපුවට බැහැර කිරීම හා මීගමුව කලපුව අවට මලාපවහනය කාණු 11ක් ඔස්සේ මීගමුව කළපුවට බැහැර කිරීම ද සිදුවේ. ඒ හැර අත්හැර දමා තිබෙන බෝට්ටු විශාල ප්‍රමාණයක්ද කළපුව අවට දක්නට ලැබේ.
     
    මෙම කටයුතු තුළින් මීගමුව කළපුව විශාල පාරිසරික දුෂණයකට ලක්වීමත්, එමනිසා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනයට එය මහත් බාධාවක්ව ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ.
     
    මේ නිසා මීගමුව කළපුව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 50ක මුදලක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා තිබේ. මේ හැර එම ව්‍යාපෘතිය මින් පෙර ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරනු ලැබීය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ඉල්ලීමක් පරිදි  එම මුදල ලබා දීමට වරාය නගර ව්‍යාපෘතිය එකගතාව පළ කළේය. 
     
    මෙම සාකච්ඡාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya