මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොහු ආශ්‍රිත අමුද්‍රව්‍ය අපනයනය ඉහළ වර්ධනයක්

    ජූලි 08, 2014

    ගුදරි කෙඳි, බ්‍රිස්ටල් කෙඳි හා දඟර කෙඳි වර්ග තුනෙහි ම අපනයන ප්‍රමාණය හා අපනයන ආදායම 2013 ජනවාරි - මාර්තු කාලයට සාපේක්ෂව 2014 වසරේ අදාළ කාලය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    2013 ජනවාරි- මාර්තු කාලය තුළ ගුදිරි කෙඳි මෙට්රික් ටොන් 11,254ක් අපනයනය වී ඇති අතර, 2014 වසරේ අදාළ කාලය තුළ එය මෙට්රික් ටොන් 14,017ක් දක්වා 25%ක වර්ධනයක් ද ඒ සඳහා ලැබුණු අපනයන ආදායමේ 21%ක වර්ධනයක් ද පෙන්නුම් කරන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    එමෙන් ම 2013 ජනවාරි - මාර්තු කාලය තුළ අපනයනය වූ මෙට්‍රික් ටොන් 2,268ක් වූ බ්‍රිස්ටල් කෙඳි අපනයන ප්‍රමාණය 2014 වසරේ අදාළ කාලය තුළ මෙට්රික් ටොන් 3,615 දක්වා 59%ක වර්ධනයක් ද ඒ සඳහා ලැබුණු අපනයන ආදායමේ 42%ක වර්ධනයක් ද පෙන්නුම් කරයි.

    තවද, දඟර කෙඳි අපනයන ප්‍රමාණයේ 58%ක හා අපනයන ආදායමේ 103%ක වැඩිවීමක් දක්නට ලැබීම කොහු ආශ්‍රිත අමුද්‍රව්‍ය අපනයන ක්ෂේත්‍රයේ සාධනීය ලක්ෂණයක් වන බව අමාත්‍යාංශය තවදුරටත් පැවසීය.2014 වර්ෂයේ ජනවාරි - මාර්තු කාලය තුළදී සමස්තයක් ලෙස කෙඳි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් රුපියල් මිලියන 1724.85ක අපනයන ආදායමක් ද, 60%ක අපනයන ආදායමේ වර්ධනයක් ද පෙන්නුම් කරනු ලබයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya