මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය එදා බස්නාහිර පළාතට සීමා වුණ සංවර්ධනය ගමට ගෙනත් තිබෙනවා

    ජූලි 08, 2014
    2005 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වූ දා සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වේගවත්ම සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට අපට හැකි ව තිබෙන බවත් රජය එදා කොළඹට, බස්නාහිර පළාතට සීමා වුණ සංවර්ධනය ගමට ගෙනත් තිබෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණ මාලාවේ හපුතලේ ආසන බලමණ්ඩල සම්මන්ත්‍රණය සහභාගිවෙමිණි. මෙම සම්මන්ත්‍රණය දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
     
    "ඇස් පනා පිට සිදුවෙන මේ සංවර්ධනය දැක දැක එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් රටේ ජනතාව බොරුවෙන් මුලා කරන්න උත්සහ කරනවා. මේ බොරුවට පිළිතුරු දෙන්නයි අපි පක්ෂයක් විදිහට මේ වගේ සම්මන්ත්‍රණ මාලාවක් රටපුරා සංවිධානය කිරීමට පියවර ගත්තේ" යැයි ද අමාත්‍යවරයා පැවසීය. 
     
    ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලගැන්වීම අරමුණු ‍කරගෙන සංවිධානය කෙරෙන මෙම සම්මන්ත්‍රණ මාලාව ජූලි සහ අගෝස්තු මාසවලදී සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි සංවිධානය කිරීමට නියමිතය. 
     
    වඩාත් ශක්තිමත් වත්මන් ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය ප්‍රභල හේතු සොයා ගැනීමට නොහැකි නිසා විපක්ෂ නායකවරයා බොරු ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ජනතාව මුලාකර බලය ලබාගැනීමට අරඅඳින බව එහිදී අවධාරණය කළ සෙනෙවිරත්න අමාත්‍යවරයා‍ රටේ සංවර්ධනය මිත්‍යාවක්, රට ජාත්‍යන්තර අර්බුදයකට මැදිවී සිටින බවත්, රටේ ආර්ථිකය කඩා වැටෙනවා ආදී අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජනතාව මුලා කරන්නට දරන අසාර්ථක ප්‍රයත්නයට පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දීමට පාක්ෂිකයන් දැනුවත් කිරීමට කටයුතු කිරිම සියලුදෙනාගේ වගකීමක් බවත් පැවසීය.
     
    මෙහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, "අපි මේ සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ  එල්ලෙන්න වැලේ වැල් නැති විපක්ෂය කියන මේ බොරුවලට පිළිතුරු දෙන්න. මේ රටේ සාමාන්‍ය ජනතාව අපේ රජයේ වැඩ ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා. අද රට තුළ සිදුවන සංවර්ධනයේ සැබෑ නියමුවා අතිගරු ජනාධිපතිතුමන්. ගොවියා, කම්කරුවා, ධීවරයා, එක්ක එකට හිටිය නායකයෙක් විදිහට එතුමාට ජනතාවගේ අවශ්‍යතා හොඳින් තේරෙනවා. ඒ නිසයි මාර්ග සංවර්ධනය, විදුලි බලය සැපයුම, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවල පෙර නොවු විරූ සංවර්ධනයක් අද ඇති කරලා තියෙන්නේ. දකුණු ආසියාවේ හොඳම මාර්ග පද්ධතිය තියෙන්නේ අපේ රටේ. ඒ වගේම පැය 24 ම අඛණ්ඩ විදුලි සැපයුමක් තියෙන්නේ අපේ රටේ. අපි බලයට එනකොට 50% ක් 60% ක් වුණ විදුලි සැපයුම අද 94% දක්වා ඉහළ ගිහින් තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ගිහින් බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමේ ක්‍රමවේදය ඉගෙන ගෙන ඇවිත් ඒ අනුව ජනතාව මුලාකරන්න හදනවා. මේ හදන්නේ අපේ රජය පෙරළලා බලයට එන්න. ජනතාව ගැන විපක්ෂ නායකවරයාට දැනෙන්න පටන් අරන් තියෙන්නේ මැතිවරණ උණුසුමයි, පක්ෂ නායක අවධානමයි උත්සන්න වෙනකොට. හැබැයි මේ කියන  බොරුවලට ඓතිහාසික ඌව වෙල්ලස්ස  ජනතාව දෙන පිළිතුර මේ ජන සහභාගිත්වයෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා” යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, සාලින්ද දිසානායක, හපුතලේ ආසන සංවිධායක උදිත ලොකුබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ පුෂ්පකුමාර,  වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරුන් ඇතුළු පළාත් සභා, පළාත් පාලන නියෝජිතවරුන් හා විශාල පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya