මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හපුතලේ ප්‍රජා සත්කාරක ජංගම සේවා 20ක් නිමා කරමින් ජනතා ගැටලු 3700කට විසඳුම්

    ජූලි 08, 2014
    ග්‍රාමීය ජනතාවගේ නොවිසිඳුණු ප්‍රශ්න විසදීම සඳහා වන "ගමකින් ගමකට - ගෙයකින් ගෙයකට" ජාතික වැඩසටහන යටතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමසේවා වසම් 567ක් තුළ පවත්වාගෙන යනු ලබන ප්‍රජා සත්කාරක ජංගම සේවා වැඩසටහන යටතේ හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් 26න් ග‍්‍රාමසේවා වසම් 20ක ජංගම සේවා නිමාවට පත්කරමින් ජනතා ගැටලු 3700 කට විසඳුම් ලබාදී තිබේ.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් ගමට ගොස් ග්‍රාමීය ජනතාවගේ ගැටලු හඳුනාගැනීම හා ඒවාට විසඳුම් ලබාදීම සිදුකිරීම විශේෂිතය.
     
    හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියතලාව විහාර කැලේ ග්‍රාම සේවා වසමේ ප්‍රජා සත්කාරක ජංගම සේවාව කදුරුගොඩ මහ විහාරයේ දී පසුගිය දා පවත්වන ලදී.  පවුල් 415 වාසය කරන මෙම ග්‍රාමසේවා වසමේ ජංගම සේවය සඳහා ගැටලු 422ක් ලැබී ඇති අතර ඉන් ගැටලු 175ක් සඳහා එදිනම විසඳුම් ලබා දී තිබේ.
     
    හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් 26ක් තුළ ජීවත් වන ජනගහනය 48485කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් 72ක් වේ.
     
    හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සත්කාරක ජංගම සේවා පවත්වන ලද ග‍්‍රාම නිලධාරි වසම් 20ක් සඳහා පුද්ගලයින් 35960ක් සහභාගිවී ඇති අතර එහිදී ඉදිරි පත්ව ඇති ගැටලුවලින් ගැටලු 3700ක් සඳහා එදිනම විසඳුම් ලබා දි ඇති බව බදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඩබ්.ඩබ්.එස්. මංගල මහතා පැවසීය.
     
    එහිදී ජානීය ජලය, විදුලිය සහ නිවාස, හැඳුනුම්පත් ලබාගැනීම යනාදිය සම්බන්ධයෙන් ජනතාව මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ඉහළ ජනතා ප‍්‍රතිශතයක් ඉල්ලුම් කර තිබූ බවද ඉන් බහුතරයකටම විසඳුම් ලබාදීමට හැකිවූ බවත් හපුතලේ ප්‍රාදේශීය ලේකම් අනුර හේමකුමාර මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට හපුතලේ සහකාර ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද්, වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරිනි හර්ෂා කුමාරි යන මහත්ම මහත්මින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    HAPUTHALE MOBIL SERVICE 1
     
     
    HAPUTHALE MOBIL SERVICE 2
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya