මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහල සංවර්ධනයට පියවර

    ජූලි 08, 2014
    පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු මේ වසර තුළ ම ආරම්භ කරන්නේ යැයි සබරගමු ප්‍රධාන අමාත්‍ය හා පළාත් සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි.
     
    සබරගමු පළාත් සභා අමාත්‍ය පැල්මඩුල්ල ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක අතුල කුමාර රාහුබද්ධ සහ පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ යන මහත්වරුන්ගේ ඉල්ලීම මත පසුගිය දා පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ මහ ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
     
    C මාදිලියේ ප්‍රාදේශීය රෝහලක් වූ පැල්මඩුල්ල රෝහලෙන් වසරකට බාහිර රෝගීන් පමණක් 40,000ක් පමණ ප්‍රතිකාර ලබන අතර එහි පිරිමි හා ගැහැණු වාට්ටු දෙකේ නේවාසික රෝගීන් සඳහා ද ප්‍රතිකාර සැකසේ.
     
    පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා සඳහන් කළේ  මෙම රෝහල සංවර්ධනය කිරීම හරහා ආසන්න කහවත්ත හා බලංගොඩ මූලික රෝහල් දෙකේ තදබදය අවසන් කිරීමට ද හැකි වන බවය.
     
    පැල්මඩුල්ල රෝහලේ වත්මන් ඉඩකඩ සහ වෛද්‍ය හා හෙද අවශ්‍යතා ප්‍රමාණවත් නැතැයි කී ඔහු මෙම රෝහල් භූමියේම පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉදිකිරීමට මීට පෙර ද මුදල් වෙන් කළද එය ඉටු නොවූ බව ද කීය. 
     
    මෑතක මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යවරයා යටතට පළාත් සෞඛ්‍ය විෂය පත්වීම හරහා පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහල සංවර්ධනය කිරීමට ඉඩකඩ ලැබෙන බව සඳහන් කළ ඔහු පියවරෙන් පියවර මෙම රෝහල සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරන්නැයි මහ ඇමතිවරයාගෙන් ඉල්ලීය.
     
    මහ ඇමති මහීපාල හේරත් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සෞඛ්‍ය ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර යන මහතුන් අමතමින් සඳහන් කළේ මේ වසර තුළම පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කළ යුතු බවය.
     
    ඒ අනුව බාහිර රෝගී අංශය, දන්ත සායනය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලය පවත්වා ගෙන යාම සඳහා බහුමහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු මේ වසරේම ආරම්භ කරන්න යැයි මහ ඇමතිවරයා පළාත් සෞඛ්‍ය බලධාරින් අමතමින් නියෝග කළේය.
     
    මෙම අවස්ථාවට පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමාර දයාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya